හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබූ සතොස නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දීමත් සමඟයි.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් එම චෝදනාවෙන් නිදහස් කරණු ලැබුවා.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා ලැබ සිටියා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.
එම මූලික විරෝධතාවය පිළිගත් අධිකරණය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…