Wednesday, June 3, 2026
Homeදේශීයසතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්..

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබූ සතොස නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දීමත් සමඟයි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් එම චෝදනාවෙන් නිදහස් කරණු ලැබුවා.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනා ලැබ සිටියා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති එම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතාවය පිළිගත් අධිකරණය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කර සිටියා.

READ:   සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්