දේශීය

“ලංගමට මැරයෝ ගහනවා..” – බන්දුලගෙන් ලිපියක්

ලංගම බස්රථ රියදුන්ට සහ කොන්දොස්තරවරුන්ට පහරදීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරයා ලිපියක් මගින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයා මින් දැනුවත් කර ඇත.

එම ලිපිය පහතින්,

“ලංගම කොන්දොස්තරවරුන්ට හා රියැදුරන්ට කෙරෙන මැර ප්‍රහාර වහා නැවැත්වීම සම්බන්ධවයි.

ගෙවුණු කෙටි කාලය තුළ ප්‍රවාහන වියදම් අධික ලෙස ඉහළ යෑම නිසා දුම්රියට හා බස් රථ සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පාසල් සිසුන් රැකියාවන් සඳහා ගමන් කරන මගින් වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහනයට විතැන්වීම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයට ඇති අධික ඉල්ලුම සපුරා ලීමේ අරමුණින් ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ නව බස්රථ 500ක්‌ ද අලුත්වැඩියා කරන ලද බස් රථ 400ක් ද ධාවනයේ යෙදවීමත් සමඟ පුද්ගලික පටු ලාභ අරමුණු කර ගෙන ක්‍රියාකරන ඇතැම් කණ්ඩායම් පොදු ප්‍රවාහනය සිදුකෙරෙන මාර්ගවල ධාවනය කෙරෙන ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට අමානුෂික මැර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

ඉකුත් දින දෙක තුළ කුරුණෑගල ගනේවත්ත මාර්ගය සහ පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකරන ලද මැර ප්‍රහාර වලින් බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට තුවාල සිදු කිරීම සහ රෝහල් ගත කිරීම් වාර්තා වී ඇත.
මෙම මැර කණ්ඩායම් වලට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කලත් ඇතැම් පොලිස් ස්ථාන විසින් එම මැර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ දියාරු පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් නිරායුධ ලංගම සේවකයින්, ඩිපෝ වශයෙන් රාජකරි වර්ජනය කිරීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ හේතුවෙන් විශාල මාර්ග ප්‍රමාණයක බස් රථ ධාවනය ඇනහිටීම සිදුවන අතර පාසැල් සිසුන් ඇතුළු මගී ජනතාව විශාල පීඩාවට පත්වේ.

මෙම තත්ත්වය වැළැක්වීමට නම් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පවතින දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට, කවර ආකාරයේ මැර ප්‍රහාරයක් බස්රථ සහ සේවකයින්ට එල්ල වුවත් එම ප්‍රහාරකයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමටත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර යුක්තිය ඉටුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෙදීමට කාරුණික වන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංගම ජාතිය සතු ය. රැක ගැනීම ඔබ සතුය. ලංගම පොදු දේපලක් වන බැවින් ඊට විරුද්ධව කෙරෙන තර්ජන, ගර්ජන, අලාභහානි, මැර ප්‍රහාර පොදු දේපළ පනත යටතට අයත් වන බව මාගේ විශ්වාසයයි. එම නිසා පොදු දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් ඇප රහිතව බන්ධනාගාර ගතකිරීමේ හැකියාව තිබියදීත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් එසේ ක්‍රියා නොකරන්නේ නම් ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුය.

ප්‍රවාහන අමාත්‍යාංශය වශයෙන් මැර ප්‍රහාරයක් සඳහා පුද්ගලික බස් රථ හිමියන් හෝ ඒවායේ සේවකයින් සම්බන්ධ බවට ඔප්පු වූවොත් එකී පුද්ගලික බස් රථ ධාවන බලපත්‍රය අහෝසි කිරීමට ක්‍රියා කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂමට මා විසින් උපදෙස් ලබා දී ඇති බවට වැඩිදුරටත් දන්වා සිටිමි. ඔබතුමාගේ කාරුණික අවධානය මේ පිළිබඳව යොමුකොට, පොලිස්පතිතුමා ඇතුළු අදාළ බලධාරීන්ට මේ පිළිබඳව කඩිනමින් උපදෙස් ලබා දෙන්නේ නම් මැනවි.”


ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago