file
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(17) දින සිදු කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
මේ අතර සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලය දන්වා ඇතැයි පසුගියදා වාර්තා වුණා.
නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ එම ආණ්ඩුකාරවරුන් සඳහන් කළේ, ලිඛිතව එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
එබැවින් තවදුරටත් අදාළ ධුරයේ කටයුතු කරන බව ඔවුන් සඳහන් කළා.
නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.
ඒ, පසුගිය 15වැනිදායි.
ඒ අනුව, එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද දින සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…