file
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(17) දින සිදු කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
මේ අතර සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලය දන්වා ඇතැයි පසුගියදා වාර්තා වුණා.
නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ එම ආණ්ඩුකාරවරුන් සඳහන් කළේ, ලිඛිතව එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
එබැවින් තවදුරටත් අදාළ ධුරයේ කටයුතු කරන බව ඔවුන් සඳහන් කළා.
නමුත් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.
ඒ, පසුගිය 15වැනිදායි.
ඒ අනුව, එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද දින සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU