Thursday, June 4, 2026
Homeදේශීයකඩිනමින් අපදා සහන සැලසීමට සාගලගෙන් බලධාරීන්ට උපදෙස්..

කඩිනමින් අපදා සහන සැලසීමට සාගලගෙන් බලධාරීන්ට උපදෙස්..

දිවයිනේ ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතටපත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සමග ඊයේ (14) පැවති විශේෂ හමුවකදී ඔහු එම උපදෙස් ලබා දි ඇත.

ගංවතුර පවතින ප්‍රදේශවල ගංවතුර බැසයාම කඩිනම් කිරීම සඳහා ගංගා මෝයකට හාරා පුළුල් කිරීම, විපතට පත්වූවන් මදාගැනීමට බෝට්ටු සූදානම් කර ගැනීම සහ නයයෑමේ අවදානම් ප්‍රදේශවලින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑම සඳහා මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙනවා.

READ:   රාජ්‍ය සේවයට ජනපතිගෙන් පණිවිඩයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්