Thursday, March 26, 2026
Homeදේශීයදිස්ත්‍රික් සංවර්ධන සැළසුම් කඩිනම් කරන්න.. - අගමැති අවධාරණය කරයි

දිස්ත්‍රික් සංවර්ධන සැළසුම් කඩිනම් කරන්න.. – අගමැති අවධාරණය කරයි

දිස්ත්‍රීක් සංවර්ධන සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් දිස්ත්‍රීක් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

උපදෙස් ලබා දී මාස තුනක් ඉක්මව ඇතත් දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රීක් ලේකම්වරුන් කටයුතු කර නැතැයි අගමැතිවරයා පවසනවා.

යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව (2023.05.12) අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනා ගනිමින් හැකි ඉක්මනින් දළ දිස්ත්‍රික් සංවර්ධන සැළැස්මක් හෝ කඩිනමින් කමිටුවට යොමු කරන ලෙස කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා දිස්ත්‍රික්කය තුළ සිටින නිළධාරීන්ගේ සහාය ලබා ගන්න ලෙස ද උපදෙස් දුන්නේය.

ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැළසුම්, ක්‍රියාත්මක නොවන සැළසුම් හා සම්පත් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් විය යුතුව ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීම හා නොකැඳවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සංවර්ධන කමිටු සභාපතිවරු සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීමට පියවර නොගතහොත් එවැනි නිලධාරීන් වගකිම් ඉටු නොකරන නිලධාරින් ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දිමට පියවර ගන්නා බවද කීවේය.

පළාත් පාලන ආයනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනිදා අවසන් වූ හෙයින් එම ආයතනවල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සදහා ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මීට මාස තුනකට පෙර මෙම කමිටුව ස්ථාපිත කෙරිණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

READ:   පොහොට්ටුවේ අපේක්ෂකයා තීරණය කර අවසන් - තිස්සකුට්ටිආරච්චි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්