මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාවක අද(15) පැමිණ තිබෙනවා.
ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව ක්‍රිකට් නිලවරණය මෙවර පැවැත්වීමට නියමිතයි.
මෙම තීරණයට එළැඹ තිබෙන්නේ,ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15) විභාගයට ගත් අවස්ථාවේදී.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසි ලබන අගෝස්තු මාසයේ සිට බලාත්මක වෙනවා.
මේ අනුව පැරණි රෙගුලාසිවලට අනුව ඉදිරි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව පැවරූ අනෙකුත් නඩු ඉවත් කර ගැනීමටත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…