Sunday, June 14, 2026
Homeක්‍රීඩාක්‍රිකට් නිලවරණය තියන්න ගත් තීන්දුව මෙන්න..

ක්‍රිකට් නිලවරණය තියන්න ගත් තීන්දුව මෙන්න..

මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාවක අද(15) පැමිණ තිබෙනවා.

ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව ක්‍රිකට් නිලවරණය මෙවර පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණයට එළැඹ තිබෙන්නේ,ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15) විභාගයට ගත් අවස්ථාවේදී.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසි ලබන අගෝස්තු මාසයේ සිට බලාත්මක වෙනවා.

මේ අනුව පැරණි රෙගුලාසිවලට අනුව ඉදිරි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව පැවරූ අනෙකුත් නඩු ඉවත් කර ගැනීමටත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

READ:   කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්