දේශීය

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදයි: මව්වරුන් 6,215ක් වැඩිහිටි නිවාසවල..

අම්මා යනු අපි හැමෝගෙම මුළු ලෝකයයි.

එයට දුප්පත්, පොහොසත්, ජාති භේද, කුල භේද නැහැ.

ලේ කිරි කර පොවා, කැත කුණු අතගා ⁣අප පෝෂණය කර සමාජයට වැඩදායි පුරවැසියකු ලෙස හිටගන්නට වරම් දුන් අම්මාට ගෞරවයක් ලෙස ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස අද(14) නම්කර තිබෙනවා.

අම්මා වෙනුවෙන් විශේෂ දින අවශ්‍ය නැත. එය අපට දැනෙන සිතුවිල්ලයි.

දින 365 ඇයගේ දිනයයි.

අම්මා තරම් අපගේ හැඟීම්, දැනීම්, ඕනෑ එපාකම් හඳුනන කෙනෙකුන් මේ ලෝකයේ නැති තරම්.

නමුත් වර්තමානය වනවිට අම්මා යන උතුම් වස්තුවට සමහර පුද්ගලයින් සලකන ආකාරයනම් අනුමත කළ නොහැකියි.

සීමා මායිම් නැති අම්මාගේ ආදරයට, අපි පෙරළා නිසි අයුරින් ගෞරව කරනවාදැයි හිතා බැලිය යුතුයි.

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය යෙදී තිබෙන අද(14) දිනයේ මෙරට මව්වරුන් 6,215ක් වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

ඒ අතුරින් 5,781 දෙනෙකු පෞද්ගලික වැඩිහිටි නිවාසවලත්, 434 දෙනෙකු රජයේ වැඩිහිටි නිවාසවලත් දිවි ගෙවන බව එහි අධ්‍යක්ෂවරයා පවසනවා.

දුකක්, කරදරයක් නොදී අම්මා රැක ගැනීම අප කාගේත් වගකීමක් නොවේද?

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago