file
තංගල්ල, තංගල්ල හම්බන්තොට මාර්ගයේ ගොඩිගමුව හන්දිය අසලදී හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට නින්ද යාමෙන් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු, වෑන් රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැරියක් මියගොස් ඇත.
මියගිය දැරිය වයස මාස 07 ක් වන කුලසිංහගම, අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ දැරියකි.
ලොරි රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරුකර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…