Friday, September 11, 2026
Homeදේශීයඅනතුරකින් මාස 07ක බිළිඳියක් මියයයි

අනතුරකින් මාස 07ක බිළිඳියක් මියයයි

තංගල්ල, තංගල්ල හම්බන්තොට මාර්ගයේ ගොඩිගමුව හන්දිය අසලදී හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට නින්ද යාමෙන් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු, වෑන් රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැරියක් මියගොස් ඇත.

මියගිය දැරිය වයස මාස 07 ක් වන කුලසිංහගම, අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ දැරියකි.

ලොරි රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරුකර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරයි.

file
READ:   වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්