Tuesday, September 8, 2026
HomeදේශීයUPDATE: උඩ දියලුමදී තරුණියක් මිය යාම: අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්..

UPDATE: උඩ දියලුමදී තරුණියක් මිය යාම: අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්..

කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය කූඩාරම් ගසා රාත්‍රිය ගත කිරීමේදි වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ, ඔවුන් දෙදෙනා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ යුවලගේ සංචාරක උපදේශකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සහ කූඩාරම තැනීමට භූමිය සකස් කර දුන් පුද්ගලයෙක් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, වන අලි ගැවසෙන ස්ථානයක් බව දැන දැනත්, එම යුවළට අදාළ ස්ථානයේ කුඩාරම් ඉදිකිරීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.

READ:   ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්