රෙෂාන් රණසිංහ මහතා දැරු අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දී ඇති අතර වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය යි.
ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අද පැවති කැබිනට් රැස්වීම අතරතුර දී.


