දේශීයව නිශ්පාදනය කල 09 mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිණි අවියක් සමග යම් අපරාධයකට සැරසී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හබරාදුව,මාගල්තොට , කොග්ගල ප්‍රදේශයේ වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු සන්තකයේ තිබී මි.මි.7.62×39 වර්ගයේ ජීව උණ්ඩ 09 ක් ද හමුවූ බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
වැඩිදුර විමර්ශන සඳහා අදාළ පුද්ගලයා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


