16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබෙනවා.
මේ අතර සැකකරු හෘද රෝගයෙන් පෙලෙන පුද්ගලයකු බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරයේ සහ අධිකරණයේ වගකීමක් බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රකාශ කර තිබේ.
සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන පෙරේදා (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණා.
සිසුවියගේ මරණය සම්බන්ධ නඩුව ලබන මැයි 26 යළි කැඳවීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…