ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකාව ගරුකරනවා සේම මෙරට නීතියට ද ගරුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ඉම්රාන් කවාජා සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජයග්‍රහණවලින් සපිරි දූෂණ වංචාවලින් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් මෙරට ඇති කිරීම තම සැලසුම බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් වගකීමට තමන් බැදී සිටින අතර නිවැරදි සැලසුමක් සහිතව සියලු පාර්ශ්වයන් සමග වැඩ කළ යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරයා කවුන්සිලයේ උපසභාපතිවරයා දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් ඇතිද යන්න සොයා බැලීම සහ තවත් කාරණා කිහිපයක් සඳහා පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය් උප සභාපතිවරයා මෙරටට පැමිණියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…