file
කළුතර ප්‍රදේශයේ ලැගුම් හලක උඩු මහලින් පැන 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.
සැකකරු පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලින් බිමට පැන්න බවයි.
ඉකුත් සෙනසුරාදා තමන් ඇතුළු සිව්දෙනා අදාළ ලැගුම්හලට පැමිණ මත්පැන් පානය කළ බව ඔහු පවසා ඇත.
අනෙක් යුවළ ලැගුම්හලින් පිටට ගිය පසු තමන් සහ පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව ඔහු පවසා තිබේ.
හදිසියේ ඇයගේ දුරකථනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපාවිෂ්ඨව බැන වැදුන බවත් පසුව සිසුවිය අසල පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බවත් ඔහු පොලිසියට පවසා තිබේ.
ඒ හේතුවෙන් බියට පත් තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
මේ හේතුවෙන් මියගිය සිසුවියට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරික්ෂා කිරීමට නියමිතයි.
මිය ගිය සිසුවිය දූෂණයට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය පවසා ඇත.
කෙසේවෙතත් සැකකරුගේ පාපොච්චාරණය සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍ය බව තහවුරු කිරීමට වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…