Sunday, April 19, 2026
Homeදේශීයකළුතර පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස් කතාවක් සැකකරු පාපෝච්චාරණය කරයි

කළුතර පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස් කතාවක් සැකකරු පාපෝච්චාරණය කරයි

කළුතර ප්‍රදේශයේ ලැගුම් හලක උඩු මහලින් පැන 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.

සැකකරු පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලින් බිමට පැන්න බවයි.

ඉකුත් සෙනසුරාදා තමන් ඇතුළු සිව්දෙනා අදාළ ලැගුම්හලට පැමිණ මත්පැන් පානය කළ බව ඔහු පවසා ඇත.

අනෙක් යුවළ ලැගුම්හලින් පිටට ගිය පසු තමන් සහ පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව ඔහු පවසා තිබේ.

හදිසියේ ඇයගේ දුරකථනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපාවිෂ්ඨව බැන වැදුන බවත් පසුව සිසුවිය අසල පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

ඒ හේතුවෙන් බියට පත් තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මේ හේතුවෙන් මියගිය සිසුවියට ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරික්ෂා කිරීමට නියමිතයි.

මිය ගිය සිසුවිය දූෂණයට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය පවසා ඇත.

කෙසේවෙතත් සැකකරුගේ පාපොච්චාරණය සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍ය බව තහවුරු කිරීමට වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත කැඩූ ආයතන-පුද්ගලයන් අසාදු ලේඛනයට දාන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්