Sunday, September 13, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය කඩුලු 06 ක ජයක් ලබයි

ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය කඩුලු 06 ක ජයක් ලබයි

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (09) පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 06 කින් ජය ගැනිමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06 ක් දැවී ලකණු 145 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් H. Samarawickrama ලකුණු 45 ක්, Chamari Athapaththu ලකුණු 38 ක් වශයෙන් ලබා ගත්තා.

ලකුණු 146 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 04 ක් පමණක් දැවී තරඟයේ අවසන් පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය පසුකර ගියා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ N.SULTANA නොදැවී ලකුණු 75 ක් රැස් කළා.

READ:   ගල්අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන ඒමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්