Friday, April 17, 2026
Homeදේශීය15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගනී: දියණිය සොයාගැනීමට මව සහය පතයි..

15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගනී: දියණිය සොයාගැනීමට මව සහය පතයි..

කෞෂානිකා කාවින්දියා

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කෞෂානිකා කාවින්දියා නැමති 15 හැවිරිදි දැරියක් පැහැර ගෙන තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවක් නැවැත්වීම සම්බන්ධයෙන් උරණ වූ කෞෂානිකාගේ පෙම්වතා ඉකුත් අප්‍රේල් මස 10 වනදා තවත් තිදෙනෙක් සමග ඇගේ නිවසට පැමිණ තර්ජනය කර ඇත.

විදෙස් ගතව සිටින දියණියගේ මව ඉන්පසුව ඇය වැල්ලවායේ ඥාති නිවසක නතර කර තිබෙනවා.

අප්‍රේල් 12 වනදා එම නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පාසල් සිසුවිය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඡායාරූපයේ සිටින දියණිය පිළිබඳව තොරතුරු ඇත්නම් ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දී දියණිය සොයා ගැනීමට සහය වන ලෙස ඇගේ මව ඉල්ලා සිටිනවා.

READ:   මුල්ලේරියාව 5හැවිරිදි දරුවාගේ මරණයේ සැකකරු රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්