Friday, September 11, 2026
Homeදේශීයවාහන හිමියන්ට විශේෂ නිවේදනයක්!

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්!

වසර 5 ක් පුරා ආදායම් බලපත්‍ර ලබා ගෙන නැති වාහනවල තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලක්ෂ 83 ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණක් බව ඒ මහතා පැවසුවා.

වසර 5 කට වඩා අදායම් බලපත්‍ර ලබා නොගෙන සිටි වාහන දිස්ත්‍රීක් මෝටර් රථ පරීක්ෂකවරු හරහා තොරතුරු පද්ධතියෙන් ඉවත් කර අසාදුගත කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ.

READ:   පාස්කු ප්‍රහාරයට අදාළ චැනල් 4 වැඩසටහන් ගැන මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි දොස් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්