දේශීය

වෙසක් දිනයේ ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

අදට (05) යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝහෝ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අභියෝගකාරි අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා පවසනවා.

අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ වදාල පරිදි සමගියෙන් සහ විශ්වාසයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ,

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ.

මෙම දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්‍යයන් සිහිපත් කරන අතර මනුෂ්‍යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්‍රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්‍යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය වේ. බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු වෙමු.

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමි.
අවිද්‍යාවේ අඳුර දුරුකර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවා ! යි ප්‍රාර්ථනා කරන අතර සියලු සත්වයෝ සතුටින් පසුවන පිංබර වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

24 mins ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

31 mins ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago