දේශීය

මියගිය සැමියා හීනෙන් ඇවිත් ළිඳ ඇතුලේ තියෙන නිධානයක් ගැන කියලා: කාන්තාවන් හතරක් ගෙදර ළිඳ හාරයි

අඳුනක් බලමින් දුරකතනයෙන් උපදෙස් දුන් මෑණියෝත් මාට්ටු

හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වට වූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකාරියන් සමඟ වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරියන් අතර නිවෙස් හිමි 76 හැවිරිදි කාන්තාවක මෙන්ම 20 හැවිරිදි තරුණියක ද වන බව පොලිසිය කියයි. සෙසු සැකකාරියන් අතර අතර “මෑණී” යනුවෙන් හඳුන්වන කාන්තාවක ද වේ. නිවස ඉදිරිපිට ළිඳේ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ මෑණි කෙනෙකු හමුවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බව මෑණී යැයි කියා ගන්නා ලද කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව පෙරේදා (3) දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ බව ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.

ඒ සඳහා සැකකාර මෑණි යැයි කියා ගත් කාන්තාව අඳුන බලමින් හෝමාගම පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එච්. එස්. ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදය කුමාර පොලිස් සැරයන් 41445 ලලිත් පොලිස් කොස්තාපල් 84555 නිශාන් 8436 ප්‍රියංකර මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago