ඩෙංගු වෛරසයට ප්‍රතිදේහ ඇත්තේ මෙරට ළමුන්ගෙන් 24% කට පමණක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
දීප ව්‍යාපත්ව කළ සමීක්ෂණයකදී මේ කරුණු අනාවරණ වූ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා.
ඒ හේතුවෙන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.


