දේශීය

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්..

මෙරට තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ තුළින් පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල, වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ තුළ අවම වශයෙන් A330 ගුවන් යානා පියාසර කිරීම හා ගොඩබැස්සවීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සංවර්ධන කටයුතු කිහිපයක් කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

දැනට දිගින් මීටර් 2,287ක් වන ධාවන පථය මීටර් 2,800ක් පමණ දිගු කිරීම, ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම, ගුවන් යානා අංගනයක් ඉදි කිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදි කිරීම වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා සිදු කිරීමට මේ යටතේ සිදු කිරීමට නියමිතයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

21 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago