වෙන්නප්පුව, වෙල්ලනමංකරය – කටුනේරිය මාර්ගයේ, දුම්මලදෙනිය ප්‍රද්ශයේ දී වැන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවුණා.
මාර්ගයෙන් ඉවතට පැන්න වෑන් රථය මාර්ගයේ අයිනේ සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවකගේ ගැටී තිබේ.
ඊයේ (01) දහවල් සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ එම තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී එක් දැරියක් මිය ගිය බව පොලීසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ වෙරළ පාර, වෙන්නප්පුව ප්‍රදේශයේ දැරියකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…