ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මීනිමැරීමකට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපිටිය, ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්වයේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ රෝගීවීම සැකසහිත බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශන සිදු කර තිබේ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ සැමියා විසින් ඇයට ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ශරීර ගත කර ඇති බවයි.
ඒ අනුව ගෙවුණු 30 වන දා සැකකාර සැමියා බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර සැමියා වයස අවුරුදු 33 ක් වූ ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු ත්‍රීකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙකු වන බව පසුව අනාවරණය වී තිබේ.
රෝගී කාන්තාව කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බව පොලීසිය පවසනවා.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (01) ඉදිරිපත් කිරිමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…