Thursday, June 4, 2026
Homeදේශීයබිරිඳ මැරීමට දොස්තර සැමියා ඖෂධ අධි මාත්‍රාවක් බිරිඳට ශරීරගත කරලා

බිරිඳ මැරීමට දොස්තර සැමියා ඖෂධ අධි මාත්‍රාවක් බිරිඳට ශරීරගත කරලා

ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මීනිමැරීමකට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපිටිය, ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්වයේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ රෝගීවීම සැකසහිත බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශන සිදු කර තිබේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ සැමියා විසින් ඇයට ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ශරීර ගත කර ඇති බවයි.

ඒ අනුව ගෙවුණු 30 වන දා සැකකාර සැමියා බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර සැමියා වයස අවුරුදු 33 ක් වූ ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු ත්‍රීකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙකු වන බව පසුව අනාවරණය වී තිබේ.

රෝගී කාන්තාව කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බව පොලීසිය පවසනවා.

සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (01) ඉදිරිපත් කිරිමට නියමිතයි.

READ:   බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ ගෙල කපා සැමියා ලේ බීලා...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්