දේශීය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය 43 වන සේනාංකයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

හේතු ගණනාවක් නිසා තමන් දේශපාලන කටයුතුවලින් නිහඬව සිටීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය මහතා පවසනවා.

ඒ මහතා ඒ බව ලිපියක් මගින් සඳහන් කර ඇත.

එ අනුව 43 වන සේනාංකයේ ප්‍රධාන ලේකම් ධූරයෙන්, මාධ්‍ය කමිටුවේ නායකත්වයෙන් සහ ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සමාජිකත්වයෙන් මෙන්ම එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ද තමන් ඉල්ලා අස් වූ බව ඒ මහතා පවසනවා.

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය මහතාගේ එම ලිපිය පහතින්,

හේතු ගණනාවක්ම නිසා දේශපාලන කටයුතුවලින් ඉවත්ව නිහඬව සිටීමට මම තීරණය කළෙමි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 19 වෙනිදා 43 සේනාංකයට යවන ලද ලිපියක් මගින් මා එහි ප්‍රධාන ලේකම් ධූරයෙන්ද, මාධ්‍ය කමිටුවේ නායකත්වයෙන්ද, ප්‍රතිපත්ති සභාවේ සහ විධායක සභාවේ සාමාජිකත්වයෙන්ද, එමෙන්ම එම සංවිධානයේ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වූයෙමි.

ඒ සමගම මාගේ එම තීරණයට බලපෑ හේතු විස්තර කෙරෙන වචන 26,175 කින් යුත් පිටු 69 ක් පුරා පැතිරුණු දීර්ඝ ලිපියක් පාඨලී චම්පික රණවක මහතාට යැවීමි. එම හේතු දැන ගත යුත්තේ ඔහුත් තවත් කිහිප දෙනෙකුත් පමණක් බැවින් එම හේතු මෙහි සඳහන් කිරීමේ අදහසක් නැත.

මම පාඨලී චම්පික රණවක මහතා සමග අවරුදු තිස් එකකට වැඩි කාලයක් දේශපාලනය කර ඇත්තෙමි. ඉනුත් පසුගිය වසර දහයක පමණ කාලයේදී ඔහුගේ වඩාත්ම සමීපතම දේශපාලන සගයාව සිටියෙමි. එසේම ඒ දශක තුනක කාලය පුරාම පාහේ මාගේ ජීවිතයෙහි ප්‍රමුඛතම කාර්යය වූයේද දේශපාලනයයි. එහෙයින් ඉන් සපුරා ඉවත් වීමට තීරණය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. එහෙත් තීරණ ගත යුතුම වූ විට නොපැකිලව ඒ තීරණ ගත යුතුය. ඒ අනුව පසුගිය වර්ෂයක කාලය පුරා නැවත, නැවතත් සිය දහස් වර යළි යළිත් කල්පනා කිරීමෙන් පසුව, මෙය මා එම දේශපාලනයෙන් ඉවත් වීම සඳහා සුදුසුම මොහොත බව මට ප්‍රත්‍යක්ෂ විය. මෙසේ නිසි අවස්ථාවේ වෙන්වීමෙන් ලැබෙන ලොකුම වාසිය නම් වෛරක්කාරයන් වනවා වෙනුවට මිත්‍රයන් සේ ඉදිරියටත් කටයුතු කිරීමට අවස්ථාව හිමි වීමය. එය ඔප්පු කරමින්, ඉල්ලා අස්වීමේ ලිපිය යවා දින දහයකට පසු එළැඹි ඊයේ දිනයේදී, චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ඔහුගේ නිවසට ගොස්, ඔහු සමග දිවා ආහාරයද ගෙන, පැය දෙකකට වැඩි කාලයක් ආ ගිය තොරතුරුද කතා කොට, ඔහුට තිළිණයක් වශයෙන් පොතක්ද පිළිගන්වා, වැඩිහිටි වැඩුණු මිනිසුන් වශයෙන් ශිෂ්ට සම්පන්න ලෙස ඔහුට සමුදී වෙන්ව ආවෙමි.

පසුගිය තිස් වසරෙන් වැඩි කාලයක් අඩුම තරමින් සිතෙන් හෝ කාර්යබහුල වූ ජීවිතයක් ගත කරන්නට සිදු විය. ඒ නිසා මෙයින් පසුව යම් කාලයකට සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයක් ගත කරමින් එවැනි ජීවිතයක ඇති නිස්කලංකයත්, නිදහසත් විඳීමට අදහස් කරමි. ජීවිතයේ ඉතිරිය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගන්නේ ඉන් පසුවය. කෙසේවෙතත් ඊට පෙර මා මෙසේ ඉල්ලා අස්වීමෙන් පසුව එය මුල් කර ගනිමින් හෝ එයින් උත්තේජනය ලබමින්, සමහරුන් විසින් මට එල්ල කිරීමට ඉඩ ඇති විවේචන හා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට මාස කිහිපයක කාලයක් වෙන් කරමි. දැන් මට නිල වශයෙන් 43 සේනාංකය හෝ පාඨලී චම්පික රණවක මහතාව රැකගැනීමේ වගකීමක් නොමැති බැවින්, එය ඇපයට තබා මට විවිධ ලෙස පහර දුන් අය නැවත එයම කළහොත් යම් නිදහසකින් යුතුව ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකිය. ඔවුන් නිහඬව සිටියහොත් ඉතින් නිහඬවම සිටිමි. අප වැනි අයට ඇති අවාසනාව නම් තපසට යන්නට පෙර පවා සමහර විට යුද්ධවල පැටලෙන්නට සිදු වීමයි.

අවසාන වශයෙන් මෙතෙක් කල් මා හට සහයෝගය දුන් සහ හෘදයංගමව සිටි සියලු දෙනාට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ඇත්තෙන්ම දේශපාලනයෙන් ඉවත් වීමට හිත එකඟ කර ගැනීමට මා ගන්නා ලද දුෂ්කර උත්සාහයේදී එය වලක්වන විශාලතම බාධකය සේ දැනුනේ, කැපවීමෙන් කටයුතු කරන, අවංක, යහපත් ඒ මිනිසුන් සමග කාලයක් තිස්සේ ගොඩ නැගී ඇති බලවත් පෞද්ගලික බැඳීමයි. මාගේ මේ තීරණය නිසා ඔවුන් තුළ යම් සිත් වේදනාවක් ඇති වේ නම් මහත් සේ කණගාටු වෙමි. ඔවුන් සම්බන්ධ මතකයත්, ඔවුන් කෙරෙහි වන ගෞරවයත් මා සිතෙහි සදා කල් පවතිනු ඇත.

නායකත්ව පෞර්ෂයන් දුර්ලභය. පාඨලී චම්පික රණවක එබඳු නායකත්ව විභවයක් ඇති පුද්ගලයෙකි. එහෙයින් ඔහුටත්, අන් සියලු යහපත් මිත්‍රයන්ටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

6 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

19 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

19 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

19 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago