දේශීය

ඇමති නියමයෙන් ඉන්දීය බිත්තර සිල්ලර වෙළෙඳපොළට: බිත්තර ගැසට්ටුවත් රිවර්ස් වෙන ලකුණු..

ඉන්දියාවෙන් ආනයනික බිත්තර, සිල්ලර වෙළෙඳපොළේ අලෙවිය සඳහා අවසර දීමට තීරණය කර තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ නියෝගයකට අනුව එම තීරණය ගත් බවයි.

According to the Minister’s order, the Indian egg retail market: signs that the egg gazette is also reversing.

අදාළ ආයතන හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබෙනවා.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී.

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා එහි දී එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15 ක් තුළ රට තුළ බිත්තර සුලබ කරන බවට බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් පොරොන්දු වීමෙන් අනතුරුවයි.

මේ අතර කුකුළු කර්මාන්තය සඳහා මව් සතුන් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන ලෙස ද අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago