ඉන්දියාවෙන් ආනයනික බිත්තර, සිල්ලර වෙළෙඳපොළේ අලෙවිය සඳහා අවසර දීමට තීරණය කර තිබෙනවා.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ නියෝගයකට අනුව එම තීරණය ගත් බවයි.
According to the Minister’s order, the Indian egg retail market: signs that the egg gazette is also reversing.
අදාළ ආයතන හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබෙනවා.
එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී.
බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා එහි දී එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ, බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15 ක් තුළ රට තුළ බිත්තර සුලබ කරන බවට බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් පොරොන්දු වීමෙන් අනතුරුවයි.
මේ අතර කුකුළු කර්මාන්තය සඳහා මව් සතුන් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන ලෙස ද අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.


