මුලතිව් නිවසක් තුළ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මුලතිව්, සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙක්.
පසුගිය 28 වැනිදා අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඔහු සිය නිවසේ තම බිරිඳ හා ඥාති පුද්ගලයෙකු ද සමග පදිංචිව සිට ඇති අතර ඔවුන් නිදා සිටියදී, අලුයම පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී තිබෙනවා.
එහිදී ඔවුන් නිවැසියන්ට පහර දී, නිවසේ තිබූ පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් 50,000 ක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
සැකකරුවන් කළ පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…