බත්තරමුල්ල , කඩුවෙල , කෝට්ටේ, මහරගම හා කොළඹ 04,05,07,08 ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ බත්තරමුල්ල පොල්දූව ප්‍රදේශයේ ප්‍රධාන නල මාර්ගයේ සිදු වූ ජල කාන්දුවක් හේතුවෙන්.
අද (28) රාත්‍රී 09 දක්වා ජල සැපුයුම බිඳවැටීම සිදුවිය හැකි බවයි ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.


