Monday, June 29, 2026
Homeක්‍රීඩාප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තාවක් සමගින් ටෙස්⁣ට් කඩුලු 50 වාර්තා කරයි..

ප්‍රභාත් ජයසූරිය ලෝක වාර්තාවක් සමගින් ටෙස්⁣ට් කඩුලු 50 වාර්තා කරයි..

අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 සීමාව පසුකල ලොව පළමු දඟ පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක්වෙයි.

ඒ සංචාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන තරඟාවලිය අතරතුර ඔහු පන්දුවෙන් දැක්වූ දක්ශතාවය සමගයි.

ඒ අනුව සිය ටෙස්ට් තරග දිවියේ 50 වෙනි කඩුල්ල බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය අද (28) සමත්වුණා.

ප්‍රභාත් ජයසූරිය වේගවත් ටෙස්ට් කඩුළු 50 ලබාගැනීම සඳහා වැයකර තිබුණේ ටෙස්ට් තරග 07 ක් පමණයි.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු 50 අවස්ථාව වේගයෙන් පසු කළ පන්දුයවන්නා ලෙස ඔහු අද වාර්තා අතරට එක් වුණා.

READ:   අලුත් බවින් පිරි අලුත් අවුරුද්දකට ජනපතිගෙන් සුබ පැතුම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්