Sunday, July 26, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි..

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි..

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා.

ඒ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විවිධ පාර්ශව වල ඉල්ලිම් මත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙලෙස තවදුරටත් කල් දැමීමට තීරණය කල බව අමාත්‍යවරයා පැවසුවා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ලිඛිතව අදහස් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා පවසනවා.

සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   ලොවක් අල්ලන්න පුළුවන් තරුණයන්ගේ හැකියාව, රටකට අසු නොවීම ගැන ඛේදනීය කතාවේ සාරාංශය!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්