Sunday, April 19, 2026
Homeදේශීය"කොටස් වෙළෙඳපාළ කඩා වැටුණොත් මම ඒක වහන්නම්, එච්චරයි" - ජනපතිගෙන් සැර කතාවක්...

“කොටස් වෙළෙඳපාළ කඩා වැටුණොත් මම ඒක වහන්නම්, එච්චරයි” – ජනපතිගෙන් සැර කතාවක් (VIDEO)

ශ්‍රී ලංකාව යළි නැගී සිටිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විවාදයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විදේශ ණයකරුවන් සමග පළමුව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ කොන්දේසි දමා ඔවුන් සමග සාකච්ඡාවට යා නොහැකි බව යි.

මෙය සිදු කරන විට කිසිවෙකුටත් කිසිදු හානියක් සිදුනොවන ආකාරයට කටයුතු කළ යුතු බව ජනපති අවධාරණය කරයි.

මේ සඳහා මුහුණදිය නොහැකි බව සමහර බැංකු පවසන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

“එහෙම අයට මම කියන්නේ, එහෙනම් තමන් භාර අරගෙන ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අය තුවක්කුවක් දාලා ඔලුවට කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා, විශේෂයෙන්ම කොටස් වෙළෙඳපාළ කියනවා කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා කියලා, කඩා වැටුණොත් මම ඒක වහන්නම් එච්චරයි තියෙන්නේ , මේගොල්ලන්ට ඇවිල්ලා දැන් කියන්න බැහැ මේක ඇදලා එනෙකාට මේ කොන්දේසි ඒ කොන්දේසි ඒවා බැහැ. අපි මෙතන තීරණය කරලා, පාර්ලිමේන්තුව තීරණය කරලා අපි කියන්නම් මොකක්ද කරන්න ඕන කියලා”

ජනාධිපතිතුමා එහිදී අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ද සිය අදහස් පල කළා.

“මම කියන්න කැමතියි, අර්ථ සාධක සාමාජිකයින්ට හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නෑ, අපිනේ ආරම්භ කරේ”

එම විඩියෝව පහතින් දැක්වේ,

READ:   අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා දින 90 රඳවා තබා ගැනීමට අවසර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්