Saturday, April 18, 2026
Homeදේශීයවසර 19කට පසු දයාන් විතාරණගේ කැමරා කාචයට හසු වූ මලිත්..

වසර 19කට පසු දයාන් විතාරණගේ කැමරා කාචයට හසු වූ මලිත්..

මෙරට ප්‍රථම රියැලටි වැඩසටහන වූ සිරස නාලිකාවේ සිරස සුපර් ස්ටාර් සීසන් වන් තරගයේ දී සිය හඬින් රසික හදවත් දිනාගත් මලිත් පෙර්රාගේ ඡායාරූප යුගලයක් මෙරට විශිෂ්ට චායාරූප ශිල්පියෙක් මෙන්ම ප්‍රවීන ගායන ශිල්පීයෙක් වන දයාන් විතාරණ මහතා විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

ඒ ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහායි.

දයාන් විතතාරණ මහතා 2004 සහ 2023 යන වර්ෂයන් වලදී මලිත් පෙර්රාගේ මෙම ඡායාරූපයන් දෙක එකම ස්ථානයක දී ලබා ගත් ඒවා බව සඳහන් කර තිබූ අතර ඊට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබුණා.

මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව විසින් ගායනය කළ ” මතක මන්දිර තනා ” ගීතය සේම එහි රූපරචනය ද එවකට තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ගීත නිර්මාණයක් බවට පත්වුණා. එම ගීතයේ රූප රචනය සඳහා මලිත් පෙරේරා ද සිය දායකත්වය දක්වා තිබුණා.

“මලිත් සහ චංචලා” ගේ සිදුවීම ලෙස රසික ජනතාව එම ගීතය වැළඳගත්තා.

තමන්ගේ පැරණි ඡායාරූපයක් ද සහිතව පළ කර තිබූ මෙම ඡායාරූපයන් සඳහා මලිත් පෙරේරා දයාන් විතාරණ මහතාට සිය ස්තූතිය පුද කර තිබුණා.

READ:   වියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,652කට පීඩා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්