දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ආරක්ෂා කරන්න තමයි ටිරාන් අපිව හිතුවක්කාර ලෙස මාරු කළේ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

හදිසි හදිසි ස්ථාන මාරුව මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ද්වේශ සහගතව සහ හිතුවක්කාරීව ගත් තීරණයක් බව දන්වමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම ලිපිය ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එම ලිපියේ මෙම කරුණු ඇතුළත් වී තිබුණා.

මහත්මයාණෙනි. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පොලිස්පති තුමන් වෙත මා නැගෙනහිර පළාතට මාරුකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බව මට දැනගන්න ලැබී තිබෙනවා. අමාත්‍යතුමන්ගේ මෙම තීරණය ද්වේශ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව දැන්වීමට කැමැත්තෙමී. තවද පොලිස්පතිතුමාගේ උපදෙස් මත මා විසින් සකස් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරුන් කැඳවා ඔහු පසුගිය 18 වන දින රැස්වීමක් පවත්වා තිබුණා. එහිදී පොලිස්පති ධූරය සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු වන ඇතැම් වාර්තා පිළිබඳව ඔහු මට චෝදනා නගමින් මා හට ස්ථාන මාරුවීම්ක් ලබා දෙන බවට ද ඉඟියක් පළ කර තිබුණා. ඉන්පසු ගරු අමාත්‍යතුමන් මා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් තොර පළාතක් බව දන්වා සිටියා.

මෙය නිවැරදි ප්‍රකාශයක් නම් ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් හට මා ආරාධානා කර සිටිනවා බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සිදුවන අපරාධ ක්‍රියා පිළිබඳව සංඛ්‍යා ලේඛන, වෙඩි තැබීමේ සිද්ධින් සහ අනෙකුත් සිද්ධින් පිළිබඳව සංසන්දනාත්මක පරික්ෂණයක් සහ සොයාබැලීමක් සිදුකරන ලෙස. අමාත්‍යවරයා මෙවැනි හිතුවක්කාර ක්‍රියා සියල්ලම සිදුකරන්නේ අපට හිරිහැර පැමිණවීමේ අදහසින් සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමෙකු ආරක්ෂා කිරීමේ අරමුණින් බවද මෙහිදී සඳහන් කරමී. එම නිසා මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් මා හට ලබා දුන් හිතුවක්කාර ස්ථානමාරුවීම අනුමත නොකරන්නේ නම් මා බෙහෙවින් කෘතඥතාවය පළ කරමී.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago