ලෝක පූජීත පන්දු යවන්නකු වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංග, ඉතා දුශ්කර පාසලක දරුවන් සඳහා අවශ්‍යය කරන පාවහන් ප්‍රධානය කළ පුවතක් වාර්තා වනවා.
එක්තරා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවක පළ කර තිබූ වීඩියෝ පටයක් නැරඹීමෙන් ලසිත් මාලිංග, අදාළ පාසලේ දරුවන්ට දුශ්කර අවශ්‍යතාවයක්ව පවතින පාසැල් පාවහන් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා.
වයඹ පාලතට අයත් අතිශය දුශ්කර පාසලක් වන ගල්කැටියාගම කණිෂ්ඨ විද්‍යාලයේ සියලූම සිසු දරුවන් සඳහා ලසිත් මාලිංග විසින් අවශ්‍යකරන පාවහන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ආදාළ පාසලේ විදුහල්පතිවරයා, පාසලේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු සිසු දරුවන්ගේ ස්තුතිය සහ ගෞරවය ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග සහ මෙම කටයුත්ත සංවිධානය කළ නාලිකාවට පළ කර තිබෙනවා.
පැල්පත් ගොඩනැගිල්ලේ අධ්‍යපනය ලබන සිසු දරුවන් විසින් විද්‍යාලයේ පොල් අතු ගොඩනැගිල්ල සහ පාවහන් අවශ්‍යතාවය සපුරා දෙන ලෙස ඉල්ලා විඩියෝ පටයක් මීට පෙර පළ කර තිබුණා.









