Sunday, June 28, 2026
Homeදේශීය2022 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දැනුම් දෙයි

2022 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දැනුම් දෙයි

2022 අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (23), කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා.

විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් පාසැල් දරුවන්ට නොමැතිවීම නිසා උසස් පෙළ විභාගය කල් දැමීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.
මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන පාඨමාලාවන් නිසි කාලයට ආරම්භ වන බැවින් උසස් පෙළ විභාගය කල් දැමීම දරුවන්ට සිදු කරන බලපෑමක් වන බැවින් දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බව පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

READ:   ජීප් රථයක් පෙරළි පාසල් සිසුන් දෙදෙනෙකු බිග්මැච් සංදර්ශනයෙදි ජීවිතක්ෂයට (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්