දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජීත් රෝහණ මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානය වෙත අනුයුක්ත කර තිබෙනවා.

පොලිස් කොමිසම විසින් ඒ බව දන්වා සිටියා.

තමන් හදිසියේ නැගෙනහිරට මාරුකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් මීට පෙර සිය නොසතුට පල කර තිබුණා.

එම ලිපියේ මෙම කරුණු ඇතුළත් වී තිබුණා.

මහත්මයාණෙනි. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පොලිස්පති තුමන් වෙත මා නැගෙනහිර පළාතට මාරුකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බව මට දැනගන්න ලැබී තිබෙනවා. අමාත්‍යතුමන්ගේ මෙම තීරණය ද්වේශ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව දැන්වීමට කැමැත්තෙමී. තවද පොලිස්පතිතුමාගේ උපදෙස් මත මා විසින් සකස් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරුන් කැඳවා ඔහු පසුගිය 18 වන දින රැස්වීමක් පවත්වා තිබුණා. එහිදී පොලිස්පති ධූරය සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු වන ඇතැම් වාර්තා පිළිබඳව ඔහු මට චෝදනා නගමින් මා හට ස්ථාන මාරුවීම්ක් ලබා දෙන බවට ද ඉඟියක් පළ කර තිබුණා. ඉන්පසු ගරු අමාත්‍යතුමන් මා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් තොර පළාතක් බව දන්වා සිටියා.

මෙය නිවැරදි ප්‍රකාශයක් නම් ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් හට මා ආරාධානා කර සිටිනවා බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සිදුවන අපරාධ ක්‍රියා පිළිබඳව සංඛ්‍යා ලේඛන, වෙඩි තැබීමේ සිද්ධින් සහ අනෙකුත් සිද්ධින් පිළිබඳව සංසන්දනාත්මක පරික්ෂණයක් සහ සොයාබැලීමක් සිදුකරන ලෙස. අමාත්‍යවරයා මෙවැනි හිතුවක්කාර ක්‍රියා සියල්ලම සිදුකරන්නේ අපට හිරිහැර පැමිණවීමේ අදහසින් සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමෙකු ආරක්ෂා කිරීමේ අරමුණින් බවද මෙහිදී සඳහන් කරමී. එම නිසා මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් මා හට ලබා දුන් හිතුවක්කාර ස්ථානමාරුවීම අනුමත නොකරන්නේ නම් මා බෙහෙවින් කෘතඥතාවය පළ කරමී.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago