ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජීත් රෝහණ මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානය වෙත අනුයුක්ත කර තිබෙනවා.
පොලිස් කොමිසම විසින් ඒ බව දන්වා සිටියා.
තමන් හදිසියේ නැගෙනහිරට මාරුකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් මීට පෙර සිය නොසතුට පල කර තිබුණා.
එම ලිපියේ මෙම කරුණු ඇතුළත් වී තිබුණා.
මහත්මයාණෙනි. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පොලිස්පති තුමන් වෙත මා නැගෙනහිර පළාතට මාරුකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බව මට දැනගන්න ලැබී තිබෙනවා. අමාත්‍යතුමන්ගේ මෙම තීරණය ද්වේශ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව දැන්වීමට කැමැත්තෙමී. තවද පොලිස්පතිතුමාගේ උපදෙස් මත මා විසින් සකස් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරුන් කැඳවා ඔහු පසුගිය 18 වන දින රැස්වීමක් පවත්වා තිබුණා. එහිදී පොලිස්පති ධූරය සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු වන ඇතැම් වාර්තා පිළිබඳව ඔහු මට චෝදනා නගමින් මා හට ස්ථාන මාරුවීම්ක් ලබා දෙන බවට ද ඉඟියක් පළ කර තිබුණා. ඉන්පසු ගරු අමාත්‍යතුමන් මා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් තොර පළාතක් බව දන්වා සිටියා.
මෙය නිවැරදි ප්‍රකාශයක් නම් ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් හට මා ආරාධානා කර සිටිනවා බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සිදුවන අපරාධ ක්‍රියා පිළිබඳව සංඛ්‍යා ලේඛන, වෙඩි තැබීමේ සිද්ධින් සහ අනෙකුත් සිද්ධින් පිළිබඳව සංසන්දනාත්මක පරික්ෂණයක් සහ සොයාබැලීමක් සිදුකරන ලෙස. අමාත්‍යවරයා මෙවැනි හිතුවක්කාර ක්‍රියා සියල්ලම සිදුකරන්නේ අපට හිරිහැර පැමිණවීමේ අදහසින් සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමෙකු ආරක්ෂා කිරීමේ අරමුණින් බවද මෙහිදී සඳහන් කරමී. එම නිසා මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් මා හට ලබා දුන් හිතුවක්කාර ස්ථානමාරුවීම අනුමත නොකරන්නේ නම් මා බෙහෙවින් කෘතඥතාවය පළ කරමී.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…