වසර 14 කට පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී තිබෙනවා.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල පවසන්නේ බේරුවල, චයිනා කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
ඔහු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු බව ද වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.
මියගිය පුද්ගලයාගේ වයය අවුරුදු 35ක්.
ටැන්සානියාව බලා මැණික් ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පිටත්ව ගිය ඔහු පසුගිය අප්‍රේල් 10 වැනිදා යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
උණ රෝගය වැළඳීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ඔහු මියගොස් තිබෙන්නේ පසුගිය 15 වැනිදායි.
එම පුද්ගලයාට මැලේරියාව ශ්‍රී
ලංකාවෙන් නොව විදෙස් ගත වූ රටකදී වැළඳී ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.
එබැවින් මැලේරියාව තිබෙන රටකට සංක්‍රමණය වනවිට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය තමර කළුබෝවිල අවධාරණය කරයි.
වසරේ ගතවූ මාස 4 තුළ මෙරටින් මැලේරියා රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර සඳහන් කළේ, පසුගිය වසරේ මැලේරියා රෝගීන් 37 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරේ මුල් මාස 4 ට සාපේක්ෂව මේ වසරේ මැලේරියා රෝගීන් වාර්තාවීමේ ඉහළයාමක් දක්නට ඇතැයි ඇය සඳහන් කළා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…