දේශීය

මහ පාරේ, තහඩු මඩුවක ජීවත් වෙච්ච “වස්ති – අනුශ්කගෙන් ” පාඩමක්: ලබාලතම මහාචාර්යවරිය ලියයි..

ලංකාවේ ලාබාලතම ජනමාධ්‍ය මහාචාර්යවරිය වන මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් මහත්මිය මෙරට යූටියබ් නාලිකා ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ “වස්තී ප්‍රඩක්ෂන්” හිමිකරු අනුශ්ක උදාන පැමිණි ධෛර්යවන්ත ගමන ගැන සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබෙනවා.

එදා වේදිකාව උඩ නැටුව , මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුව කොල්ලො දෙන්නෙක් උත්සහය , කැපවීම නිසා අද ඉහළම තැනකට පැමිණ ඇති බව මහාචාර්යවරිය පවසනවා.

තරුණ පරම්පරාව කරන කියන දේවල් සමහර පරණ අයට වැරදියට පෙණුනත් දක්ෂකම්, කැපවීම් තිබෙන තරුණයන් සමාජය විසින් නිරන්තරව අගය කළ යුතු බව ඇය පෙන්වා දෙනවා.

වැස්සට ඉන්න විදිහක් නැතුව තහඩු මඩුවක ජීවත් වුණු අනුශ්ක කුවේට් රටක රැකියාවකට ගොස් අසූච් පවා අදිමින් එදා ජීවිතයේ අප්‍රමාණ දුක් වින්ඳ බව ඇය ප්‍රකාශ කරනවා.

උත්සහය, ධෛර්ය නිසාම ජීවිතය ජයගත් අනුශ්ක ආදර්ශයට ගෙන උත්සහයෙන් ඉවසීමෙන් යුතුව ධෛර්යයෙන් වැඩ කිරීම තුළින් තමන්ට ද අරමුණු ජයග්‍රාහණය කළ හැකි බව ඇය තරුණ පරපුරට අවධාරණය කර සිටිනවා.

ඇය පළ කර තිබූ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

මේ කතාව මගේ හිතට තදින්ම දැනුණ කතාවක්. ලස්සනට ස්ටේජ් එක උඩ නටන කොල්ලො දෙන්නෙක්. මේ දෙන්නට සමහර අය බනිනවත් මං දැකලා තියනවා.
ඒත්, සමාජ මාධ්‍ය ගැන වගේම ජීවිතය ගැනත් ලස්සන තේරුම් ගැනීමක් එක්ක නිවුනු කතා බහක් අහගෙන හිටියා මම.

දුක් වින්දම ඊලගට එන්නෙ වසන්තය..
මං කලිනුත් කීවා ඒ ගැන.
වස්සාන කාලෙ හැමදාම තියෙන්නෙ නෑ. වසන්තය එනවා අනිවාර්‍යයෙන්ම. එතකන් ඔයාට දරාගන්න වෙනවා.
හැමදාම මට ඕන වුණේ ඔයාගෙ අමාරුකම්, වේදනා මැදින් ඉස්සරහට යන්න කියන්න..
ඉතින් මේ තියෙන්නෙ උදාහරණ.
සාමාන්‍යයෙන් තරුණ පරම්පරාව කරන කියන දේවල් සමහර පරණ අයට වැරදියට පෙණුනට මට නම් පේන්නෙම දක්ෂ කමක් තියනවානම් ඒක. කැපවීම්, දිනුම්…
එහෙම දේවල් අපි අගයන්න ඕන.

අනුශ්ක හිටියේ පාරේ තහඩු ගහපු මඩුවක.. වැස්ස දවසට වතුර දානවා ඒ මඩුවට..එදාට ඉන්න තැනක් නෑ..
කුවේට් ගියේ රෝහලක රස්සවක් කරන්න.
ගිහින් අසූචිත් අදින්න උනා එයාට..
එහෙම දුක් විදපු කොල්ලෙක්..
මහන්සි වෙන දුක් විදින අය දිනන්නම ඕන. ඒක තමයි නීතිය වෙන්න ඕන.
අනුශ්ක ඔබට තවත් හරියන්න ඕන.

එතකොට මේක කියවන ඔයාට??
ඔයත් අනුශ්කව ඔයාගෙ ඇතුලෙන් දකින්න.
ධෛර්‍යයෙන් වැඩ කරන ඔයාටත් අනිවාර්‍යයෙන්ම හරියන්න ඕන.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

12 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

12 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago