Categories: දේශීය

දරාගත නොහැකි අධික උණුසුම ජීවිත දෙකක් අවසන් ගමන් යවයි…

අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්වී එප්පාවල පදිංචි දෙදෙනකු මියගොස් තිබෙනවා.

ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර දමා ගැනීමෙන් පසු ද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමෙන් පසු අව් රස්නය නිසා දිය නා තිබීමෙන් ද සංකූලතා හට ගැනීමෙන් මියගිය බව එප්පාවල හදිසි මරණ පරීක්ෂකවරයා අවධාරණය කරයි.

එප්පාවල පහළ සියඹලෑව පදිංචිව සිටි ඒ. ආර්.ඩී. අතුල ධම්මික (34) සහ එප්පාවල කටියාව යාය 02 පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ (38) යන දෙදෙනා මෙසේ මිය ගොස් තිබෙනවා.

ඒ.ආර්.ඩී. අතුල ධම්මික පසුගිය 16 වැනි දා අවුරුදු උත්සවයේදී කඹ ඇදීමේ තරගයට සහභාගි වී අධික තෙහෙට්ටුව නිසා තම නිවසට ගොස් නිවසේ තබා තිබූ ශීත කළ වතුර බෝතලයක් ගෙන තම හිසට වත්කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සංකූලතා තත්ත්වයක් පැන නැගීම නිසා වහාම එප්පාවල රෝහලට ඇතුළත් කළත් එහිදී මියගොස් ඇත.

එසේ ම, කටියාව යාය 02, පදිංචිව සිටි එල්.ජී. විජේසිංහ ඉකුත් 18 වැනි දින තම කූඹුරට ගොස් ලියදිවල තණකොළ කපා තෙහෙට්ටු වී අසල ඇති ඇළට බැස දිය නා ගොඩට ඒමෙන් පසුව මියගොස් ඇති බව එප්පාවල නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රම පවසනවා.

මෙම මරණ දෙක පිළිබඳව එප්පාවල පොලිසියේ පොලිස් සැරයන් රෝහිත (62673) පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවා තිබේ.

මෙම මරණ දෙක ම සම්බන්ධව එප්පාවල රජයේ රෝහලේ වෛද්‍ය එන්.එච්. දිසානායක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකොට ඇති අතර මෙම දෙදෙනා ම මියගොස් ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා කම්පන තත්ත්වයට පත්වී හදිසි හෘදයාබාධ තත්ත්වයට පත්වීමෙන් බවට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ලබා දී තිබේ.

පොලිස් සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි උපයෝගි කර ගනිමින් මෙම මරණ දෙකම මේ දිනවල පවතින අධික උෂ්ණ තත්ත්වය නිසා ශරීරය තාප කම්පනය වී හෘදයාබාධය ඇති වී මිය ගිය බවට එප්පාවල හදිසි මරණ පරීක්ෂක එම්. පී. එස්. ජයවික්‍රමගේ තීරණය විය.

මූලාශ්‍රය – මව්බිම

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago