Thursday, May 14, 2026
Homeදේශීයතියුණු ආයුධයකින් පහරදී මල්ලී අයියා ඝාතනය කරයි..

තියුණු ආයුධයකින් පහරදී මල්ලී අයියා ඝාතනය කරයි..

මනම්පිටිය, පැලෑටියාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

ඊයේ (06) රාත්‍රි කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25ක්වූ පැලෑටියාව , පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මරණකරු සහ සැකකරු එකම පවුලේ සහෝදරයින් වන අතර බාල සොහොයුරා විසින් වැඩිමහල් සහෝදරයාට පිහියෙන් ඇනීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සහෝදරයන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති අතර අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

සැකකරු මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   BREAKING NEWS: පාර්ලිමේන්තුව කැඳවමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්