හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇයගේ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිරිඳට වයස අවුරුදු 18ක් වන අතර සැමියාට වයස අවුරුදු 19ක් බව පොලීසිය පවසනවා.
පසුගිය 19 වැනි දා උදෑසන 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.මේ වනවිට එම කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර මෙම 19 හැවිරිදි පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා.පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතරතුර එම පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…