හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇයගේ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිරිඳට වයස අවුරුදු 18ක් වන අතර සැමියාට වයස අවුරුදු 19ක් බව පොලීසිය පවසනවා.
පසුගිය 19 වැනි දා උදෑසන 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.මේ වනවිට එම කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර මෙම 19 හැවිරිදි පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා.පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතරතුර එම පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…