Monday, September 14, 2026
Homeදේශීයඅවුරුදු 18 බිරිඳ පැහැර ගත් අවුරුදු 19 සැමියාට වැඩ වරදී..

අවුරුදු 18 බිරිඳ පැහැර ගත් අවුරුදු 19 සැමියාට වැඩ වරදී..

හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇයගේ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිරිඳට වයස අවුරුදු 18ක් වන අතර සැමියාට වයස අවුරුදු 19ක් බව පොලීසිය පවසනවා.

පසුගිය 19 වැනි දා උදෑසන 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.මේ වනවිට එම කාන්තාව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

18 හැවිරිදි මෙම කාන්තාව මීට මාස කිහිපයකට පෙර මෙම 19 හැවිරිදි පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා.පසුව සැමියාගේ හිරිහැර හේතුවන් යළිත් මව්පියන්ගේ නිවසට පැමිණ සිටින අතරතුර එම පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

READ:   තවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්