ගල්කිරියාගම, පලාගම, කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයක, තරගකරුවන්ගේ සහයට දිවගිය දරුවෙක් මාර්ගයේ ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.මියගිය දරුවා 10 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පවසනවා.
බිම ඇද වැටීමෙන් පසු එම දරුවා කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් සිටියදී කැකිරාව ප්‍රදේශයේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.සිය සහෝදරයා සහ හිතවතුන් අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගයට සහභාගි වූ බැවින් ඊට සහය දැක්වීම සඳහා මෙම දරුවා පැමිණ ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.


