Saturday, June 13, 2026
Homeදේශීය5,000 නෝට්ටු ප්‍රින්ට් කරන ස්ටූඩියෝවක්

5,000 නෝට්ටු ප්‍රින්ට් කරන ස්ටූඩියෝවක්

ස්ටූඩියෝවක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් සහ 41 ක් වන අලවතුගොඩ ප්‍රද්ශයේ පදිංචිකරුවන් දෙදෙනකි.

සැකකරුවන් විසින් රුපියල් 5,000 ව්‍යාජ නොට්ටු මුද්‍රණය කර ඇත.

එක් සැකකරුවකු විසින් අලවතුගොඩ ප්‍රද්ශයේ ස්ටූඩියෝ අයතනයක් පවත්වා ගෙන යන අතර එහි ඇති පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් ඔවුන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 5000 මුදල් නෝට්ටු 43 ක් හමුවී ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලීසිය පැවසුවා.

READ:   නුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්