යතුරු පැදි දෙකකින් සැකකරුවන් තුන්දෙනෙකු මුව මස් පාර්සල් තිහක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට මොරගොඩ වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.
රිටිගල වනජීවි කලාපයට අයත් මොරගොඩ බීට්ටු වන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කැකිරාව නාවක්කුලම ප්‍රදේශයේ දී කළ මාර්ගයේ ගමන් ගන්නා වාහන සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදි දෙකකින් පුද්ගලයන් තුන්දෙනෙකු මුව මස් පාර්සල් 30 ගලෙන්බිදුණුවැව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන අතර .අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මහ දිව්ල්වැව ප්‍රදේශයෙන් මිලදී ගත් මස් තොගය අලෙවි කිරීම සඳහා ගලෙන්බිදුණුවැව ප්‍රදේශයට රැගෙන යන බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිදුනුවැව කුණුගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙකු වන අතර අද දින (20) සන්තකයේ හා පාලනයේ තබාගැනීම,මස් ප්‍රවාහනය යන චෝදනා යටතේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බව මොරගොඩ බීට්ටු වන වන ජීවී කාර්යාලය උසස් නිලධාරියකු ප්‍රකාශ කර සිටී.
මෙම මෙහෙයුම සඳහා වන සත්ව අඩවි සහකාර විජේසිංහ, / හේරත්, වන සත්ව නියාමක සුජිත්,කුමාරසිංහ,යන නිලධාරීන් එක්ව සිටී අතර සිදුවීමට අදාළ අදාළ ඉදිරි නීති ක්‍රියාමාර්ග මොරගොඩ බීට්ටු වන ජීවී වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මගින් මෙහෙයවනු ලබයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…